http://awaataya.blogspot.com/2011/02/blog-post.html
ඉහත සඳහන් කළ බ්ලොග් එක ඇතුළු තවත් බ්ලොග් කීපයකම මේ ප්‍රවණතාවය තිබෙනවා.
පෙරදී නම් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ ගන්නා නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය (එහෙත් මේ කිසිවක් සෞඛ්‍යයට හිතකර නොවේ) ගැන පමණක් ලියැවුණු නමුදු දැන් දැන් මත්කුඩු, මත් වීම සඳහා අධි මාත්‍රාවකින් ගන්නා බෙහෙත් ද්‍රව්‍ය වැනිදෑ ගැන වැඩියෙන් කියැවෙන බවක් පෙනී යයි.
මෙය බ්ලොග් අඩවි තහනම් කිරීමෙන් නැවැත්විය හැකි දෙයක් නොවන අතර ඒ සඳහා එම බ්ලොග් කරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුය.
එවන් දෑ ලියන බ්ලොග් කරුවනි,
කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. මත්ද්‍රව්‍ය වලට ප්‍රචාරයන් දීමක් සහ පෙළඹ වීමක් මින් කෙරෙන්නෙ, දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඔබ ඔබේ ආතල් එක ගන්න (විනාශය කරගන්න). පොඩි ළමයිනුත්, තරුණයිනුත් මේවා බලනවා කියන එකත් මතක තියාගන්න. මෙවැනි පෝස්ට් දැකීමෙන් ඔවුන් තුලත් මේවා කර බැලීමේ කුතුහලයක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් ඇබ්බැහි වුනොත් වැළකීම අසීරුයි. රටකට ජාතියකට වටිනා ජීවිතයක් වීනාශ වෙන්නේ.
ඒ නිසා මම කාරුණිකව ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා එම පෝස්ට් ඉවත් කරන්න හෝ නැවත මෙවන් පෝස්ට් නොදාන්න කියා.
බ්ලොග් එක ඔබේ පුද්ගලික අඩවියක් බව සැබැවි. නමුත් ඒවා සියලු දෙනාටම කියවිය හැකි බැවිනුයි මෙසේ ඉල්ලන්නෙ.
කරුණාකර ඔබේ අඩවි වලින් මත්ද්‍රව්‍ය වලට ප්‍රචාරයක් දෙන්න එපා
කුම්භකර්ණ සිතුවිලි...
Wednesday, February 16, 2011
Saturday, December 25, 2010
Mozilla FireFox වල කවුරුත් දන්න දේකින් ප්‍රයෝජනයක් ගන්න
ඔය උපහාර වගේ නෙට් පැකේජ් පාවිච්චි කරන අයට තියන ගැටළුවක් නේ ඉක්මනට කෝටා එක එහෙමත් නැත්තං නොමිලේ දෙන 1GB විතර වෙන ඩේටා ප්‍රමාණය ඉවර වෙන එක. ඒකට පොඩි විසඳුමක් මේක. අධ්‍යාපනික දේවල් වලට වගේ text based වැඩ කරගන්න අයට මේ වැඩෙන් වැඩිපුර ඩේටා වැය වෙන එක නවත්තගන්න පුළුවන්.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. හරි සරලයි පහල පිංතූරෙ තියන විදිහට ෆයර් ෆොක්ස් වල සෙටිංග්ස් හදන්න. දන්නවනේ Tools -> Options... ගිහින් සෙටිංග්ස් හදන්න. පාට (colors) නම් වෙනස් කරන්න ඕනම නෑ. ඒකෙන් ඩේටා වලට බලපෑමක් නෑ. සමහර අඩවි වල images අහක් කලාම පසුබිමත් කළුයි අකුරුත් කළුයි නැත්තං සුදුයි. ඒක නිසා තමයි පාට වෙනස් කරන්නේ.

බ්ලොග් බලන්නත් කියාපු වැඩේ. ලිපි 10-15ක් පැයක් දෙකක් බැලුවත් යන්නෙ 3-4 MB විතර තමයි. සාමාන්‍ය විදිහට එක බ්ලොග් එකට 1-2MB යන වෙලාවල් තියනවනේ. සමහර බ්ලොග් ලෝඩ් වෙන්නත් හැට පැයක් යනවනේ. දන්නවනෙ...අකුරු පේන්න ගන්නෙ අනිත් සේරම (දැන්වීම්ද අරකද මේකද..:P) ලෝඩ් උනාට පස්සෙ.
මේ විදිහට settings හදලා පිංතූර බලන්නෙ කොහෙමෙයි? පිංතූරෙ තියන තැන ආසන්න වශයෙන් හිතලා ඒක උඩ right click කලාම Open link in new tab දෙන්න. ෆේස් බුක් එකට ඒක විතරක් හරියන්නෙ නෑ. ඒකට කරන්න තියෙන්නෙ right click කරලා view image click කරන එක.
මං මේක මොසිල්ලා වලට අදාලව විතරක් කිව්වට අනිත් බ්‍රව්සර් වලත් මේක කරන්න පුළුවන්.

Labels:
FUP,
Images,
Mozilla Fire Fox,
Upahara
Saturday, December 4, 2010
වාහන ගැන උනන්දුවක් දක්වන අයට...Toyota Corolla EE100 XL
ටොයෝටා කොරොල්ලා වල මේ XL මොඩ්ල් එක ලංකාවට ආවෙ හරිම අඩුවෙන්. සැප පහසුව උපරිමයි. AE 100 එකට වඩා වෙනස් වෙන්නේ එන්ජිමෙන් විතරයි(ඒකත් Fuel Feed type එකෙන්- AE100 එක EFI ඒත මේක Carburator type). EFI unit එකක් දාන්න උනොත් වියදම දන්නෝ දනිති. ඒත් මේක හරිම සිම්පල්. සුළු වෙනස්කම් වගයක් brand new ආපු ඒවයෙ සහ recondition ඒවයෙ තියනවා. 12km/litre විතර ඉන්ධන කාර්යක්ෂමතාවක් අද පවා තිබෙනවා. EFI වල මීට වැඩියි තමයි ඒත් නඩත්තු වියදමත් එක්ක බැළුවාම මේක ෂේප්. ඕන දුරක් බරක් නොදී යනවා. ටොයෝටා නෙ. ලංකාවට ඉතාම හොඳට ගැලපෙන වාහන වර්ගය ඉතිං ටොයෝටා තමයි. තව වෙන මොනවද? Second hand market එකේ ලක්ෂ 8-9ක් විතර තමයි වෙන්නෙ. AE100 එකකට යනව නං තව ලක්ෂ 1-2ක් වියදම් කරන්න වෙනවා. මම හිතන විදිහට සාමාන්‍ය පවුලකට හොඳටම ගැලපෙන වාහනේ Toyota Corolla EE100 තමයි. හොඳට ඉඩ කඩත් තියනවා.
මේ තියෙන්නෙ EE 100. පිංතූරෙ ඈතින් පේන්න තියෙන්නෙ AE 110 එකක් ඒක ගැන පස්සෙ කියන්නම ඒකත් අගේ ඇති වාහනේ.
මෙන්න EE100ගෙ විස්තර ටිකක්(විස්තර ගත්තේ මෙතනින්)
1992 Toyota Corolla EE100 XL
මේ තියෙන්නෙ EE 100. පිංතූරෙ ඈතින් පේන්න තියෙන්නෙ AE 110 එකක් ඒක ගැන පස්සෙ කියන්නම ඒකත් අගේ ඇති වාහනේ.මෙන්න EE100ගෙ විස්තර ටිකක්(විස්තර ගත්තේ මෙතනින්)
1992 Toyota Corolla EE100 XL
- Manufacturer: Toyota Motor Corporation (トヨタ自動車株式会社)
- Production Years: 1992 - 1997
- Model: Corolla (Seventh Generation)
- Model Trim: EE100 XL
- Classification: Compact 4-Door Sedan
- Engine: Toyota 2E
- Construction: Cast-Iron Block with Aluminum Cylinder Heads
- Displacement: 79.087 cu. inches (1,296 cc / 1.3 Liters)
- Compression Ratio: 9.6 : 1
- Bore and Stroke: 2.91 inches x 3.05 inches (74.0 mm x 77.4 mm)
- Cylinder Configuration: Inline-4
- Valvetrain: 3 valves per cylinder SOHC
- Fuel Feed: Carburetor
- Aspiration: Naturally-Aspirated
- Power Output: 71.01 bhp (72 PS - metric hp / 52.96 kW) @ 6,000 rpm
- Torque Output: 76.70 lb.ft (104 N.m) @ 5,200 rpm
- Transmission: C150 Manual Transmission (5-speed Forward, 1-speed Reverse)
- Layout: Front-Transversely-Mounted Engine Front-Wheel Drive
- Suspension:
- Front: MacPherson Strut Suspension
- Rear: Torsion Bar Suspension
- Brakes:
- Front: Ventilated Disc Brakes
- Rear: Drum Brakes
- Dimensions:
- Overall Length: 172.0 inches (4,369 mm)
- Overall Width: 66.3 inches (1,684 mm)
- Overall Height: 53.5 inches (1,359 mm)
- Wheelbase: 97.0 inches (2465 mm)
- Curb Weight: 2,323 lbs. (1,052 kg)
- Performance:
- 0 - 62 mph (0 - 100 km/hr) acceleration: 11.7 seconds
- Top Speed: 87 mph (140 km/hr) - [estimated]
මෙන්න නියම භාණ්ඩයක්
මම මේ කියන්න යන්නෙ මම මගේ PC එකත් එක්ක ඔට්ටු වෙද්දි හොයාගත්ත දෙයක් ගැන. මගේ PC හෙඩ් ෆෝන් එකේ volume උපරිමයට දැම්මත් මදි කියල හිතුනු නිසා ගූගල් දෙයියන්ගෙන් අහල බැලුවා PC virtual amplifier එකක් තියනවද කියල. මේ බොලේ නියම භාණ්ඩයක් හම්බ උණා. ඒත් ඒක නිකන් දෙන්නෙ නෑ. SX Fidelity Amplifier තමයි නම.මීට සමාන FOSS භාණ්ඩයක් එහෙම තියෙනවද කියල දන්න කෙනෙක් කියන්නකො. නැත්තං ඉතිං මේකට serial key එකක් දාගන්න එක තමයි එකම විකල්පය, මොනව කරන්නද. GPL තමයි මම වඩාත් කැමති ඒත් එහෙම එකක් හොයා ගන්න බැරි උනා. කාට හරි Key එකක් හම්බ උනොත් මටත් දෙන්න. මොකද ඉතිං අපිත් තුන්වෙනි ලෝකයේ දුප්පත් කොල්ලොනෙ. Free නම් free. නැතිදාට keygen තමයි. FOSS වලින් හැමදේමත් නෑනෙ.
Labels:
FOSS,
GPL,
pc amplifier,
SX Fidelity Amplifier
Wednesday, September 15, 2010
Microsoft Internet Explorer පාවිච්චි කරන අයට අළුත් ආරංචියක්

Microsoft Internet Explorar 9 සංස්කරණය අද නිකුත් කරනවා. Mozilla firefox හා Google Chrome වල අළුතෙන් එක් කර ඇති features මෙම සංස්කරණයට ඇතුලත්වන බවයි ඔවුන් කියන්නෙ. තාම ඩවුන්ලෝඩ් කරන්න නං දෙන්නෙ නෑ. මේ වෙබ් අඩවියෙ සඳහන් පරිදි අද තමයි නිකුත් කරන්නේ.
ප/ලි: ඔන්න දැන් ඔවුන් බීටා සංස්කරණය ඩවුන්ලෝඩ් කරන්න අවස්ථාව දීල තියනවා. කැමති අය ගිහින් බලන්න.
Monday, September 13, 2010
සරත් ෆොන්සේකා මහතා ගෙදර යවන ගැසට් එකත් ගහලා ඉවරයි...

පේනනෙ නැත්තං පිංතූරෙ උඩ කොටන්න.
2010 සැප්තැම්බර් 09 වැනිදා ගැසට් පත්‍රයෙන් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස සෙවයෙන් පහකිරීම ජනාධිපති තුමාණන් අනුමත කරල ගැසට් එක ගහලත් ඉවරයි. තීන්දුව දීල දවස් කීයද? ගැසට් එක බලන්න ඕන නං මෙතනට යන්න.
Thursday, August 26, 2010
ආඥාදායක පාලකයන්
ආඥාදායක පාලකයන් කියූ සැනින් අපට මතක් වෙන්නේ කුරිරු අමන පාපිෂ්ඨ පාලකයින්. නමුත් ඔබ දන්නවාද හොඳ ආඥාදායක පාලකයිනුත් මෙලොව රට රාජ්‍යයන් පාලනය කල බව. අන්තර්ජාලයෙ සැරිසරද්දී මට හමුවුන කුරිරු සහ සොඳුරු ආඥාදායක පාලකයින් කීපදෙනෙක් ඔබ හමුවට ගෙන එන්නයි අද මම සූදානම් උනේ. ඒ ඒ පාලකයාගේ නමට විකිපීඩියාවේ ඇති පිටු වලට ලින්ක් දීලා ඇති. ගිහින් කියවලා දැනුම වැඩි කරගන්න.
අද නරක අය හොඳ අය පසුවට. සමහරු නම් කියන්නෙ හොඳ අය නෑ කියලා. ඒත් නරකම නැති කීපදෙනෙක් ඉන්නවා. හොඳ නරක ඉතිං සාපේක්ෂයි නෙ. ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ට නරකක් කලා කියල සම්මත අය තමයි මේ.
මොවුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මිලිටරි නැත්තං හමුදා සහ සාමාන්‍ය විදිහට පත්වී දිගටම බලයේ සිටියවුන් විදිහට. ඒත් 99%ක්ම ඉඳල තියෙන්නෙ මිලිටරි අය තමයි.
Fulgencio Batista y Zaldivar – Cuba (Military)
Augusto Pinochet Ugarte – Chile (Military)
Salvador Allende Gossens – Chile (Non military)
Maximiliano Hernández Martínez – El Salvador (Military)
Adib Shishakli– Syria (Military)
Idi Amin Dada – Uganda
Gen. Gnassingbé Eyadéma – Togo (Non military) ලෝකයේ වැඩිම කලක් රාජ්‍ය කල ජනාධිපතිවරයා
Dési Bouterse – Suriname
Hugo Banzer Suárez – Bolivia (Military)
Alfredo Stroessner – Paraguay (Military)
Benito Amilcare Andrea Mussolini – Italy (Military)
Francisco Paulino Hermenegildo Teódulo Franco y Bahamonde Salgado Pardo de Andrade – Spain (Military) මං හිතන්නෙ දිගම නමක් තියන ආඥාදායකයා මොහු වෙන්න ඇති.
Juan Perón – Argentina (Military)
Adolf Hitler – Germany (Military)

Juan Vicente Gómez – Venezuela (Military)
Simón Bolívar – Venezuela (Military)
Slobodan Milošević – Serbia and Yugoslavia (Non military)
Josip Broz Tito – Yugoslavia (Military)
ඔයගොල්ලො හොයාගත්ත දේවල් අපටත් කියන්නකො.

Subscribe to:
Posts (Atom)